Friday, June 27, 2014


සුරංගනා හීනයක් වගේ නුඹ
මගෙ හිත ගැබ වෙත ආවා
මං නුඹේ.. නුඹ මගේ
රහසින් කොඳුරා කීවා
මං නුඹේ...නුඹ මගේ...ආදරේ...

සතුට අරන් නුඹ 
විහඟ විලාසෙන්
දිවි අරණට පියඹා ආවා
නුඹ ගැන කවිකම් 
නිරතුරු පද බැඳ 
රෑ තරුවක මම ලීවා
මං නුඹේ...නුඹ මගේ...ආදරේ...

දේදුන්නක රැඳි පාට ගෙනැත්
මගෙ දිවියම පැහැගැන්වූවා
තිමිර පටල බිඳ එලිය අරන් ආ
නුඹ මට පහනක් වූවා
මං නුඹේ...නුඹ මගේ...ආදරේ...

No comments:

Post a Comment