නුඹ වලාකුලක් වගේ ඇවිත්
හිරු මුවා කරන් මට සෙවණ වුණා
මුදු වැස්සක් සේ මහිතට ඉහිරී
සිත නිවා දමා සැනසුම දුන්නා
සම්මතය කියා ලොව රජයන ප්‍රේමය
දුක පමණයි මට උරුම කලේ
නුඹ ආදා සඳවත විලස මගෙ ලොවට
සිත එලිය වුණා පමණයි දන්නේ
මගෙ සිතේ සිතුම් මා පැතූ පැතුම්
කවුරුත් නෑ වෙන දැන උන්නේ
ලොව මා හඬවා, පරදා හිනැහෙද්දී
සනසන්නට නුඹමයි ලඟ උන්නේ
නුඹ මවක් වෙලා සෙනෙහස දුන්නා
සොයුරියක් වගේ මගෙ ලඟ උන්නා
ලොව තවමත් නොදනින අපූරු ප්‍රේමය
සත්තයි නුඹ කියලා දුන්නා
වෙනස් දෙයක් වෙනස් විදිහකට දකින්න හිතුණා...
ReplyDeleteලස්සනයි :)
Delete