පාලුව
තනිකම හිත නලියද්දි
නිදි
නැති රෑ තුන් යාමේ පුරා
තෙලි
තුඩගින් නුඹ ගැන කවි පුරවමි
අත
රැඳි මේ හිස් කොලේ පුරා...
මහ
වැහි කෝඩෙක පැටලී අවුදින්
හොරෙක්
සේම සිත ගත්තු අරා
ආපු
ලෙසම නුඹ නික්ම ගියාවද
නොබලා
නොකියා මටත් හොරා...
කඳුලු
දුක් ගඟක් පමණි ඉතිරි මට
සතුට
ගොසිනි ගං පතුල කරා...
තනිව
ගෙවමි මම දිවිය ඉතින් තව
නමුදු
සොයමි නුඹ සසර සරා...
ලස්සනයි අක්කියා, කාලෙකින් ආවේ මේ පැත්තේ :)
ReplyDelete