Tuesday, October 30, 2012

ආදරෙයි මං ආදරෙයි

නෙතු පියාගමි-සිහින අමුණමි
සිහිනෙකින් නුඹ එයි කියා
සිතට දුක් ගමි-යලි අවදිවෙමි
නුඹව හිමිවනු නැති නිසා

අතීතය වෙත යලිත් දිව යමි
එදා නුඹ ලඟ උන් නිසා
මතක අහුලමි සුසුම් හෙලනෙමි
ලඟ ඉන්න බැරි වුණු නිසා

නුඹව අමතමි- සවන් සනසමි
න්සිතට සැනසුම් දෙන නිසා
ලඟට නොම එමි දුරින් හිඳිනෙමි
තවම මම ආදරෙ නිසා...



No comments:

Post a Comment