මගේ නෙතු අබියසින් නුඹ ගලන අපූරුව
එදා මෙන් අද හෙටත් මම සදා බලා ඉමි
මුදු ලෙසින් ලතාවට ඇදී යන ඒ නුඹම
විටෙක මහ වියරුවෙන් ගලනු දැක පුදුම වෙමි
මගේ ප්‍රේමය පුංචි දිය දමක කලතවා
වගක් නැති මුත් නුඹට සෑමදා මම එවමි
මගේ පාමුල සෙමින් දැවටිලා ගලන සඳ
මගෙ සුසුම් සුලඟකින් මම නුඹව සිප ගනිමි
හන්තාන නොවී මම මහ සයුර වුණා නම්
කියා මහවැලි සොඳුර විටෙක සත්තයි සිතමි...
එදා මෙන් අද හෙටත් මම සදා බලා ඉමි
මුදු ලෙසින් ලතාවට ඇදී යන ඒ නුඹම
විටෙක මහ වියරුවෙන් ගලනු දැක පුදුම වෙමි
මගේ ප්‍රේමය පුංචි දිය දමක කලතවා
වගක් නැති මුත් නුඹට සෑමදා මම එවමි
මගේ පාමුල සෙමින් දැවටිලා ගලන සඳ
මගෙ සුසුම් සුලඟකින් මම නුඹව සිප ගනිමි
හන්තාන නොවී මම මහ සයුර වුණා නම්
කියා මහවැලි සොඳුර විටෙක සත්තයි සිතමි...
අපි හැමෝගෙම හිත්වල නොකිව්ව, නොලැබිච්ච ආදරයන් තියනවා නේද? කාලය ගෙවිල යනකොට ඒවා මතක වෙද්දී දැනෙන්නේ අමුතුම හැඟීමක්, දුකක් නෙමෙයි, හ්ම්ම්ම්ම්ම්...............
ReplyDeleteමං නං කයි කතන්දර කියන්නේ රනින් කමෙන්ට්‍රියක් එක්ක හරි කවියක පසුපස කතාව එක්ක හරි දාන කවි වලටයි!
ReplyDeleteලස්සනයි නෙතු.. මම ජිවත් වෙන්නෙත් ඒ සුන්දර හන්තාන පෙන ඉසවුවෙම තමයි... දිගටම කරගෙන යන්න.මම අදයි මේ පැත්තේ අවේ.ජය වේවා..!! :)
ReplyDelete