Monday, June 23, 2014



නුඹ වලාකුලක් වගේ ඇවිත්
හිරු මුවා කරන් මට සෙවණ වුණා
මුදු වැස්සක් සේ මහිතට ඉහිරී
සිත නිවා දමා සැනසුම දුන්නා

සම්මතය කියා ලොව රජයන ප්‍රේමය
දුක පමණයි මට උරුම කලේ
නුඹ ආදා සඳවත විලස මගෙ ලොවට
සිත එලිය වුණා පමණයි දන්නේ

මගෙ සිතේ සිතුම් මා පැතූ පැතුම්
කවුරුත් නෑ වෙන දැන උන්නේ
ලොව මා හඬවා, පරදා හිනැහෙද්දී
සනසන්නට නුඹමයි ලඟ උන්නේ

නුඹ මවක් වෙලා සෙනෙහස දුන්නා
සොයුරියක් වගේ මගෙ ලඟ උන්නා
ලොව තවමත් නොදනින අපූරු ප්‍රේමය
සත්තයි නුඹ කියලා දුන්නා

2 comments:

  1. වෙනස් දෙයක් වෙනස් විදිහකට දකින්න හිතුණා...

    ReplyDelete