Monday, March 31, 2014






පාලුව තනිකම හිත නලියද්දි

නිදි නැති රෑ තුන් යාමේ පුරා

තෙලි තුඩගින් නුඹ ගැන කවි පුරවමි

අත රැඳි මේ හිස් කොලේ පුරා...



මහ වැහි කෝඩෙක පැටලී අවුදින්

හොරෙක් සේම සිත ගත්තු අරා

ආපු ලෙසම නුඹ නික්ම ගියාවද

නොබලා නොකියා මටත් හොරා...



කඳුලු දුක් ගඟක් පමණි ඉතිරි මට

සතුට ගොසිනි ගං පතුල කරා...

තනිව ගෙවමි මම දිවිය ඉතින් තව

නමුදු සොයමි නුඹ සසර රා...

Thursday, March 27, 2014

මම...නුඹ...





හිතක එතෙන සිතිවිලි වල
එකල මෙකල වෙවී...
සිත සිත නුඹ ගැන නිතරම
දහවල් රැය ගෙවී...
තරුවක් සේ ඈත ඈත
නුඹ ඇත දිලි දිලී...
සිතනු මිසක ලංවනු බැරි
සිහිනෙක ඉමි ගිලී