Sunday, July 24, 2011

හන්තාන නොකී කවිය...

මගේ නෙතු අබියසින් නුඹ ගලන අපූරුව
එදා මෙන් අද හෙටත් මම සදා බලා ඉමි


මුදු ලෙසින් ලතාවට ඇදී යන ඒ නුඹම
විටෙක මහ වියරුවෙන් ගලනු දැක පුදුම වෙමි


මගේ ප්‍රේමය පුංචි දිය දමක කලතවා
වගක් නැති මුත් නුඹට සෑමදා මම එවමි

මගේ පාමුල සෙමින් දැවටිලා ගලන සඳ
මගෙ සුසුම් සුලඟකින් මම නුඹව සිප ගනිමි


හන්තාන නොවී මම මහ සයුර වුණා නම්
කියා මහවැලි සොඳුර විටෙක සත්තයි සිතමි...